අඟහරු ග්‍රහයා මතුපිට ජලය නැත යන සංකල්පය පසුගිය දා සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බවට පත් වුනා. NASA ආයතනය මඟින් Science සඟරාවේ පලකල නවතම වාර්තා වල සඳහන් වෙන්නේ අඟහරු පසේ සැම ඝන අඩියකම (cubic foot) ආසන්න වශයෙන් ජලය පයින්ට් දෙකක් (two pints) තිබෙන බවයි. විද්‍යාඥයන් තුල තිබු කුතුහලය නිසාම මෙම සොයා ගැනීම සිදු කිරීමට හැකි වූ බවත්, මෙලෙස සොයා ගත ජල අණු අනිකුත් ලෝහ සමඟ බැඳී රතු ග්‍රහයාගේ පසෙහි ඇති බවත්, අඟහරු ග්‍රහයාගේ පස 2% ක් පමණ ජල ප්‍රමාණයක් එක්ව සැදී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.
අඟහරු මත ජලය සොයා ගත්තද එය නිදහසේ භාවිතයට ගත නොහැකි, එනම් ඔබ ඇවිදගෙන යන අතර පිපාසය පැමිණිය හොත් වතුර බොන්නා සේ මේ ජලය භාවිතයට ගත නොහැකියි. ඒ වෙනුවට ගගනගාමීන්ට (පදිංචි කරුවන්ට ?) සිදුවෙනවා පස් රත්කර වතුර ලබා ගැනීමට.නමුත් එය ඇත්තටම ප්‍රයෝගික, සුදුසු ක්‍රියාවලියක් නම් නෙමෙයි. කෙසේ වෙතත් ඇත්තටම මෙයින් සපථ වන කරුණ නම්, අඟහරු මත මිනිසුන් පදිංචි වීම තව දුරටත් අරුම පුදුම කාරණයක් නොවීමයි.
අඟහරු ගෙන් ලබා ගත පස් ප්‍රමාණයක් උදුනක රත් කිරීමේදී වාෂ්ප නිකුත් වීමක් සිදු වී තිබෙනවා. මේ වන විට අඟහරු මත වාසයට සුදුසු පරිසරයක් ඇති බවට පැහැදීලි සාක්ෂි ලැබී තිබෙන අතරම සාරවත්, භාවිතයට සුදුසු ජලයත් මෙහි ඇති බවට විද්‍යාඥයින් සැක පහල කරනවා. පර්යේෂකයින් විසින් කියා සිටින්නේ මෙම වතුර මිනිසාගේ පානයට පවා සුදුසු ආරක්ෂිත තත්ත්වයක පවතින බවයි.
ඔව්, ඇත්තෙන්ම අඟහරු පසෙහි ජලය තිබෙනවා. නමුත් එයින් කියා වෙන්නේ නැහැ අපි දැන්මම පෘතුවිය අත්හැර දැමිය යුතුයි කියන වග. ඒ වගේම පර්යේෂණ මඟින් සොයා ගෙන තිබෙනවා අඟහරු පසෙහි 0.5% ක පර්ක්ලෝරයිඩ් අඩංගු බව, එය මිනිසාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට හානි පැමිණ වීමට තරම් ප්‍රමාණවත් වෙනවා. නමුත් මෙම සොයා ගැනීමත් සමඟ අප තුල අඟහරු ග්‍රහයා පිළිබඳ ඇති සංකල්පය විශාල වශයෙන් වෙනස් කිරීමට සමත් වෙනවා.
එසේ නම්, ඉදිරියටත් කවර ආකාරයේ නව කරුණුද අපට අඟහරු ග්‍රහයා ගැන හෙළි දරව් කර ගැනීමට ඇත්තේ..?