Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, October 15, 2013

Dialog එකේන් free sms unlimited යවන්න


type "REG<space>chat" and send to 77100 from ur Dialog mobile.

type "REG<space>EChat" and send to 4499 from ur Etisalat mobile.


මෙය දෙදෙනෙකු අතර SMS යැවීමටත් වැඩි පිරිසක් අතර SMS යැවීමටත් භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇත.

මෙය පහත දක්වා ඇති පිරිස් වලට සෘජුවම ප්‍ර යෝජනයට ගත හැකිය

1. දෙදෙනෙකුට - උදාහරණයක් ලෙස ආදරය කරන යුගලයකට හෝ හොදම යහලුවන් දෙදෙනෙකුට
2. පවුලේ සැමට - පවුලේ සියලු දෙනා අතර මැසේජ් හුවමාරුවට
3. කුඩා කණ්ඩායම් වලට - ඕනෑම ආකාරයක කුඩා මිතුරු කණ්ඩායම් වලට
4. නව මිතුරන් හදුනා ගැනීමට අවශ්‍ය අයට - මෙහි ඇති පබ්ලික් චැට් රූම් වලට ඇතුළු වී නම මිතුරන් හඳුනා ගත හැකිය...

මේ සඳහා මුලින්ම ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වැය වන්නේ රුපියල් දෙකකි
ලියාපදිංචි වීමට REG CHAT ලෙස සඳහන් SMS එකක් 77100 අංකයට යැවිය යුතු වේ...
ඉන් පසු ඔබට චැට් රූම් එකක් සාදා ගත යුතුය ඒ සඳහා CHAT CR ObeRoomNameEka සඳහන් කර 77100 අංකයට යැවිය යුතු වේ...

ඉන් පසු ඔබට මැසේජ් යැවීමට අවශ්‍ය අනෙක් කෙනා හෝ පිරිස ඔබ සෑදූ චැට් රූම් එකට ඇතුළු කර ගත යුතුය
ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන් ලියාපදිංචි වී (REG CHAT) ඉන් පසු ඔබේ රූම් එකට ඇතුළු විය යුතුය
CHAT JR ObeRoomNameEka සඳහන් කර 77100 ට යැවීමෙන් ඔවුන් ඔබේ රූම් එකට ඇතුළු වනු ඇත
දැන් ඔබට චැට් රූම් එකේ අයට ඕනෑ තරම් මැසේජ් නොමිලේ යැවීමට හැකියාව ඇත .ඒ සඳහා කළ යුත්තේ CHAT Obe Message Eka සඳහන් කර 77100 ට යැවීමයි එවිට එම මැසේජ් එක ඔබේ රූම් එකට පැමිණ ඇති කෙනාට ලැබේ... මෙලෙස රූම් එකේ අනිත් කෙනාටත් ඔබට මැසේජ් එවිය හැකිය
සියල්ල නොමිලේ වේ.

මේ විසඳුම නිසා දිනකට විශාල මුදල් ප්‍රමාණයක් මැසේජ් යැවීමට භාවිතා කළ අයට මහගු අවස්ථාවකි. එමෙන්ම පවුලේ සමගිය වර්ධනය කර ගැනීමටත් ආදරය කරන අයට වැඩි වැඩියෙන් මැසේජ් කිරීමටත් එමෙන්ම අලුත් යහලුවන් සොයන අයට යහලුවන් සොයා ගැනීමටත් මහගු අවස්ථාවකි

උපදෙස් මාලාව
1. රෙජිස්ටර් වීමට REG CHAT ලෙස සඳහන් කර 77100 ට යවන්න
2. නම සෙට් කිරීමට CHAT SN YourName ලෙස සඳහන් කර 77100 ට යවන්න
3. චැට් රූම් එකක් සෑදීමට CHAT CR NewRoomName ලෙස සඳහන් කර 77100 ට යවන්න
4. චැට් රූම් එකකට ඇතුළු වීමට CHAT JR RoomName ලෙස සඳහන් කර 77100 ට යවන්න
5. චැට් එකෙන් ඉවත් වීමට CHAT OFF ලෙස සඳහන් කර 77100 ට යවන්න
6. නැවත චැට් එකට පැමිණීමට CHAT ON ලෙස සඳහන් කර 77100 ට යවන්න
7. යහලුවන්ට මැසේජ් යැවීමට CHAT YourMessage ලෙස සඳහන් කර 77100 ට යවන්න
8. උදව් ලබා ගැනීමට CHAT HELP ලෙස සඳහන් කර 77100 ට යවන්න


ඉපදුන දවසෙ හැටියට අනාවැකි



ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසිකඅසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.



මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුදලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි.සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදර”ය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතයපුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.

4 වන දා උපන් ඔබ,
හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය.ඍජු, අවංක අයෙකි. සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ සමත්ය. හැගීම් පාලනය කරගැනීමට ඔබසමත්ය. නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹේ. ඔබ දැඩි, මුරණ්ඩු අයකු ලෙස සැලකියහැකිය.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 5 වන දා නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය. අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හාසංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකීපරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසුය.

මාසයේ 6 වන දින උපන් ඔබ,
වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටමඅවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම්සහගතව හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

ඔබේ උපන් දිනය යෙදී ඇත්තේ 7 වන දා ද?
ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි.තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසිපිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනයකිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

ඔබ උපන්නේ මාසයේ 8වන දින නම්,
ඔබ ව්‍යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි. පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම දෙයක අගය තක්සේරුකිරීමට පෙළඹෙන ස්වභාවයක් ඇත. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් සාර්ථකත්වයට පත්විය හැකිය.කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ ඉතා සකසුරුවම් අයෙකි.සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන කාලය ප්‍රයෝජනවත් දෙයක් සදහා වැය කිරීමටඔබ පෙළඹේ. ද්‍රව්‍යමය අතින් ඉතා ඉහල දියුණු තත්වයකට පත්වීමට ඔබට හැකිය.

මාසයේ 9 වන දින උපත ලැබූ ඔබ,
පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති, සාධාරණ, නිර්ලෝභී අයෙකු නිසාපහසුවෙන් අනෙකුන් හා කටයුතු කල හැකිය. අන්‍යයන්ගේ අවශ්‍යතා හා අදහස් වලට සංවේදී අයකු වන ඔබ ඉතාකරුණාවන්තය.

ඕනෑම මාසයක 10 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක කර ගත හැකිය. ඔබසංවේදී අයෙකි. නමුත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. කිහිප අවස්ථාවකදීම ඔබට නායකත්වයට පත්වීමේ අවස්ථාවඇත.

11 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන නිසා ඔබ අන්‍යයන් සමගඉතා හොදින් වැඩ කටයුතු කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ ආධ්‍යාත්මික සිතුවිලි ඔබ සතුය. ඔබ පරීක්ෂාකාරී,සංවේදී, මනෝධීන අයකු ලෙසද හැදින්විය හැක. හොද මතකයක් ඔබ ඔබ සතු වන අතර ව්‍යාපාර වැඩකටයුතුසිදුකිරීමේදී විවිධ ගැටළු වලට මැදි විය හැක. ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය ඔබේදියුණුව සදහා යොදා ගත හැකිය.

මාසයේ 12 වන දින ඉපදුනු ඔබට,
මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන් මුලාවීමේ ප්‍රවනතාවක්ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම, කියවීම, හා ගායනය ආදීක්ෂේත්‍රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ. ඉතාතියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත් ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර ප්‍රශ්න පිළිබදව ආකූලතාඇති කර ගැනීමට පෙළඹේ. ප්‍රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ ප්‍රේම”ය, හිතෛෂි අයෙකි. නමුත්ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.

13 වන දින උපන් ඔබ,
විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි. එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට ලක්වේ. වගකීම්සහගතව කටයුතු කරන ඔබ විනීත අයෙකි. අවංකය. බොහෝ විට සන්සුන්ව තනිවී වැඩ කිරීමට යොමුවේ. ඔබ නිවැරදියයි සිතා සිදු කරන සමහර දේ නිසා සමහරුන් පීඩාවට පත්විය හැකිය. එය ඔබගේ දුර්වලතාවයකි.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 14 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි.ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන්දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වනඅතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවනනැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසු වේ.

ඔබ උපන්නේ 15 වන දින නම්,
නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකමපවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙනගැනීමට ඔබ යොමු වේ. කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ. නමුත්සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු චරිතයකි.

16 වන දින උපත ලැබූ ඔබ,
හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි, ස්ථීර, පහසුවෙන්නො‍නැමෙන ආකාරයේ හිතක් ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔබේ විවේකයෙන් බොහෝකාලයක් ඔබ වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන ඔබදැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය. මේ හේතුවෙන් ස්ථාවර සම්බන්ධතා පවත්වාගෙන යාම ඔබට අපහසුය. නමුත්බාහිර පුද්ගලයන් හට පෙනෙන්නේ ඔබ නිවසේදී හා සමාජයේ හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නෙකු ලෙසය.තාක්ෂණික අංශය, විද්‍යාත්මක විෂයයන්, ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප්‍රියකරන අංශයන් වේ. ඔබ ඉතාහැගීම්බර අයෙකි. නමුත් ඒ බව බාහිර පරිසරයට පෙන්වීමට ඔබ කටයුතු කරන්නේ නැත. මේ නිසා ආදරය ප්‍රකාශකිරීමේදී හෝ ආදරය ලැබීමේදී යම් යම් දුෂ්කරතාවලට පත්වීමට ඔබට සිදුවේ.

ඕනෑම මාසයක 17 වන දිනයේ උපන් ඔබ,
මූල්‍යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. 17 යනු ව්‍යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි. ඔබසාමාන්‍යයෙන් අවංක, ගුණගරුක අයෙකි. වාණිජමය ව්‍යාපාරවලදී සාර්ථකව වාසි ලැබීමට ‍මෙම දිනයේ උපන් අයටහැකියාව ඇත. අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම කලමනාකරුවෙකි. විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය.බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය. නමුත් අපරික්ෂාකාරී වීම නිසා ආදරකටයුතු සම්බන්ධයෙන්දුෂ්කරතා ඇති විය හැකිය.

මාසයේ 18 වන දින උපත ලැබූ ඔබ,
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත් සමහරුන්ගේ අවශ්‍යතාවයන් මත තනිව වැඩ කිරීමට පවා ඉදිරිපත් වේ.මානවවාදී, පරාර්ථකාමී අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන් දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබසාධාරණ, ත්‍යාගශීලී, කාරුණික සිතුවිලි වලින් යුක්තය. ඔබ ඔබගේ හැගීම් ප්‍රදර්ශනය කරන අයකු වූවත් සමහර විටඒවා සගවා තබා ගැනීමට පෙළඹේ.

ඔබ ඉපදුනේ මාසයේ 19 වන දින නම්,
ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත.සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙනඅයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථාවලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයටපත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.

20 වන දිනයේ උපන් ඔබ,
හැගීම්බර, සංවේදී අයෙකි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට සමත්වේ. පහසුවෙන්උණුවන හිතක් සහිත ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය කිරීම සදහා බලාපොරොත්තු වන්නේතමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි. සමහර විටෙක අධෛර්ය්‍යට පත් වීම හානොසන්සුන් වීම ඔබගේ දුර්වලතාවයකි. එවැනි අවස්ථාවල මානසිකව බිදවැටීම් වලට ලක් විය හැක. ජීවිතයේ කිහිපවිටකම මෙවැනි බිදවැටීම් දක්නට ලැබේ.

ඔබ 21 වන දින උපන්නේ නම්,
ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකිඅයකුද වේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී අයෙකි.ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම ප්‍රායෝගිකය. නමුත් බාහිරප්‍රශ්න නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදර”ය අයෙකි. නමුත් ඉතාසංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් සිදුවන බිදවැටීම් වලින් ජයගැනීමට ඔබ උත්සාහ කල යුතුය.

22 වන දින උපන් ඔබ,
ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි. භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ සමත්ය.කිරීමට අපහසු දීර්ඝකාලීන වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු අයෙකු ලෙස සැලකේ. ඔබ ඉතා හොදසංවිධායකයෙකි. චිත ඇදීම සදහාද රුචිකත්වයක් දක්වයි. ආරක්ෂාකාරී, බුද්ධිමත් අයකු වූවත් ඔබ ඉක්මනින් කලබලයටපත් වීමට ඉඩ ඇත.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 23 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි.ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන්දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වනඅතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවනනැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබබොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.

24 වන දා උපන් ඔබ,
වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැඛෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරීඅවස්ථාවලදී මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ. ඔබපරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර, සංවේදී අයෙකි.ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.

ඔබ උපන්නේ මාසයේ 25වන දින නම්,
තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී,සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතුවිශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගතචරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩචරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.

26 වන දින උපන් ඔබ,
ව්‍යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි. ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන් වැඩිදියුණු කරගැනීමට ඔබ සමත්ය. සංවිධානයථ කලමනාකරනය, පාලනය අතින් ඔබ ඉදිරියෙන් සිටියි. ඔබ මුදල් භාවිතයේදීකාර්යක්ෂම අයෙකි. ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි ප්‍රායෝගික මෙන්ම තාත්විකඒවාය. ද්‍රව්‍යමය අතින් තෘප්තියක් ලැබීමට ඔබ සමත්ය.

27වන දින උපන් ඔබ,
මානවවාදී, පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත්ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී,සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.

28 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණනිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.

ඔබ උපන්නේ 29වන දින නම්,
ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදීඅයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි. සමහර විටෙක අකාර්‍යක්ෂම අයෙකු දවේ.

ඔබ ඉපදුනේ 30 වැනිදා නම්,
ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු වන ඔබ ලේඛණය සදහාවිශේෂ දක්ෂතාවක් දක්වයි. නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබටසාර්ථක ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්‍යය ඇත. ශක්තිමත් අදහස් වලින් යුක්ත ඔබ නිතරම සාධාරණපැත්ත ගැනීමට යොමුවේ.

ඔබ උපන්නේ මාසයේ 31 වැනිදා ද?
හොද කලමනාකරන හා සංවිධානාත්මක හැකියාවක් ඔබ සතුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉහල දියුණුවක්ලැබිය හැකිය. දැඩි කැපවීමකින් වැඩ කරන ඔබ ඉවසීමට සමත් අයෙක් නිසා ඒ මගින් දියුණු වීමට අවස්ථාව ඇත.ප්‍රකෘතිමත් අයෙක් ලෙස සැලකුනද සමහර විටෙක දැඩි තීරණ ගන්නා, මුරණ්ඩු අයෙක් ලෙසද සැලකිය හැකිය. සමහරවිටෙක සංවේදීය. නමුත් තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන නමුත්සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන කරගැනීමට යොමුවේ. ප්‍රායෝගිකව සිතා යමක් සිදු කරන අයෙකි. සංචාරයටකැමති ඔබ තනිවී ජීවත්වීමට අකමැතිය. ඉක්මනින් විවාහයට යොමුවේ. වගකීම් දැරීමට හැකි අයෙක් වන නිසා දියුණුවටපත් විය හැකිය.

උපන් මාසයේ හැටියට අනාවැකි මෙතනින්

ඉපදුන මාසෙ හැටියට අනාවැකි




ඔයා ඉපදුණේ ජනවාරි වල නම්,
ඔයා මාර ිැරසදමි කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. ඍදප්බඑසජ වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.
පෙබරවාරි වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

මාර්තු වල ඉපදුණ ඔයා,
හරිම හුරතල්, හිත් ඇදිලා යන චැරිදබ්කසඑහ එකක් තියෙනවා. හරිම ඍදප්බඑසජ, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, පදදා ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.
ඔයා අප්‍රේල් වල නම්,

හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

යා මැයි වල ඉපදුණා නම්,
ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම ජරු්එසඩැ කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, ්‍යසිඑදරහ ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට ලඅහු වෙන එකල තමයි.

ජුනි වල ඉපදුණ ඔයා,
දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම ජරු්එසඩැ කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් රුජදඩැර වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Aබටකැ එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

ජුලි වල ඉපදුණා නම්,
ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් සෙඑ වෙනවා. හරිම ිැබිසඑසඩැ. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය වදනැි වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

අගෝස්තු වල ඉපදුණා නම්,
න‍දනැි වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. ඔැ්ප එකක කැ්ාැර කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

සැප්තැම්බර් වල ඉපදුණ ඔයා,
ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. චක්බ කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි ැපදඑසදබි පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

ඔයා ඉපදුණේ ඔක්තෝම්බර් වල නම්,
ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

නොවැම්බර් වල ඉපදුණු ඔයා
ක‍රු්එසඩැ සාැ්ි තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා සාැබඑසඑහ එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැඛෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

ඔයා ඉපදුණේ දෙසැම්බර් වල නම්
හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ උණුවෙන හිතක්.