Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Thursday, December 12, 2013

ඕනම පරිගණකයකට ඩ්‍රයිවස් ( Drives ) දාමු.

අපේ My computer ගෘප් එකේ නිතරම යාලුවෝ ඉල්ලන දෙයක් තමයි මේ පරිගණක වල ඩ්‍රයිවස් දෙන්න කෝ කියලා.ඉතින් ඔන්න ඕනම පරිගණකයකට ගැලපෙන ඩ්‍රයිවස් දාන්න පුලුවන් නියම සොෆ්ට් වෙයා එකක් ගෙනාවා.මේකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.
මේ පහත තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන් ශොට්.




 

 
අවශ්‍ය අය මේ පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. 

මේ තියෙන්නේ මේ සොෆ්ට් වෙයා එකට ලැබුණු සහතික.
Softonic-rating
Freeware.de Editorial Pick for Driver EasyDriverEasy antivirus report at FileCluster.com

මෙන්න පරිගණකයට කියාපු සොෆ්ට්වෙයා එකක්.

ඔයාලගේ පරිගණකයේ එදිනෙදා කරන වැඩකටයුතු කාර්යක්ෂමව කරගෙන යාමටනම් පරිගණකය හැමදාම හොද තත්වයේ තියෙන්නේ ඕනේ.ඒ නිසා අපි අද ඔයාලට මේ ක්‍රියාවලිය කර ගැනීමට තවත් ජනප්‍රිය සොෆ්ට්වෙයා එකක් හදුන්වා දෙනවා.
මෙන්න මෘදුකාංගය.

System එක Benchmark ,Check Temperature, and other various Information Check කරන්න පුලුවන් මේක තමයි එකේ අළුත්ම Version එක. Everest කියල කලින් තිබ්බෙත් මේකම තමයි. කම්පුටර් එක drivers ලේසියෙන්ම අදුරගන්න මේකෙන් පුළුවන්. ඕනෙම driver එකකට අදාල වෙබ් සයිට් එක මේකෙන් බලාගන්න පුළුවන්.මේක ඉන්ස්ටෝල් කලට පස්සේ කොම්පියුටර් එක On කරලා තිබ්බ වෙලාව ඉන්ටර්නෙට් use කරපු එව්වා ඔක්කොම බලාගන්න පුළුවන්. තව ගොඩක් වැඩ තියෙනවා මේකේ..




ඩවුන්ලෝඩ් කරගන්න full Version එකම.

අඟහරු පෘෂ්ඨයෙන් ජලය සොයා ගැනේ..



nasa curiosity rover self portrait අඟහරු පෘෂ්ඨයෙන් ජලය සොයා ගැනේ..!
අඟහරු ග්‍රහයා මතුපිට ජලය නැත යන සංකල්පය පසුගිය දා සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බවට පත් වුනා. NASA ආයතනය මඟින් Science සඟරාවේ පලකල නවතම වාර්තා වල සඳහන් වෙන්නේ අඟහරු පසේ සැම ඝන අඩියකම (cubic foot) ආසන්න වශයෙන් ජලය පයින්ට් දෙකක් (two pints) තිබෙන බවයි. විද්‍යාඥයන් තුල තිබු කුතුහලය නිසාම මෙම සොයා ගැනීම සිදු කිරීමට හැකි වූ බවත්, මෙලෙස සොයා ගත ජල අණු අනිකුත් ලෝහ සමඟ බැඳී රතු ග්‍රහයාගේ පසෙහි ඇති බවත්, අඟහරු ග්‍රහයාගේ පස 2% ක් පමණ ජල ප්‍රමාණයක් එක්ව සැදී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.
අඟහරු මත ජලය සොයා ගත්තද එය නිදහසේ භාවිතයට ගත නොහැකි, එනම් ඔබ ඇවිදගෙන යන අතර පිපාසය පැමිණිය හොත් වතුර බොන්නා සේ මේ ජලය භාවිතයට ගත නොහැකියි. ඒ වෙනුවට ගගනගාමීන්ට (පදිංචි කරුවන්ට ?) සිදුවෙනවා පස් රත්කර වතුර ලබා ගැනීමට.නමුත් එය ඇත්තටම ප්‍රයෝගික, සුදුසු ක්‍රියාවලියක් නම් නෙමෙයි. කෙසේ වෙතත් ඇත්තටම මෙයින් සපථ වන කරුණ නම්, අඟහරු මත මිනිසුන් පදිංචි වීම තව දුරටත් අරුම පුදුම කාරණයක් නොවීමයි.
අඟහරු ගෙන් ලබා ගත පස් ප්‍රමාණයක් උදුනක රත් කිරීමේදී වාෂ්ප නිකුත් වීමක් සිදු වී තිබෙනවා. මේ වන විට අඟහරු මත වාසයට සුදුසු පරිසරයක් ඇති බවට පැහැදීලි සාක්ෂි ලැබී තිබෙන අතරම සාරවත්, භාවිතයට සුදුසු ජලයත් මෙහි ඇති බවට විද්‍යාඥයින් සැක පහල කරනවා. පර්යේෂකයින් විසින් කියා සිටින්නේ මෙම වතුර මිනිසාගේ පානයට පවා සුදුසු ආරක්‍ෂිත තත්ත්වයක පවතින බවයි.
ඔව්, ඇත්තෙන්ම අඟහරු පසෙහි ජලය තිබෙනවා. නමුත් එයින් කියා වෙන්නේ නැහැ අපි දැන්මම පෘතුවිය අත්හැර දැමිය යුතුයි කියන වග. ඒ වගේම පර්යේෂණ මඟින් සොයා ගෙන තිබෙනවා අඟහරු පසෙහි 0.5% ක පර්ක්ලෝරයිඩ් අඩංගු බව, එය මිනිසාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට හානි පැමිණ වීමට තරම් ප්‍රමාණවත් වෙනවා. නමුත් මෙම සොයා ගැනීමත් සමඟ අප තුල අඟහරු ග්‍රහයා පිළිබඳ ඇති සංකල්පය විශාල වශයෙන් වෙනස් කිරීමට සමත් වෙනවා.
එසේ නම්, ඉදිරියටත් කවර ආකාරයේ නව කරුණුද අපට අඟහරු ග්‍රහයා ගැන හෙළි දරව් කර ගැනීමට ඇත්තේ..?

Thursday, October 24, 2013

අගහරු වායුගෝලයේ වැඩි ප‍්‍රමාණය කාබන්ඩයොක්සයිඞ්

අගහරු වායුගෝලයේ වැඩි ප‍්‍රමාණය කාබන්ඩයොක්සයිඞ්
අගහරු වෙත යවන ලද නාසා මාර්ස් කියුරියෝසිටි යානය මගින් එවන ලද අගහරු වායුගෝලය පිළිබඳ දත්ත මගින් එහි සංයුතියෙන් ඉහළ ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඞ් මගින් බව තහවුරු වී තිබේ.  දැනට අගහරු ග‍්‍රහයා වෙත යැවූ දියුණුතම යානය විසින් එවන ලද පර්යේෂණ දත්ත 70 දශකයේ අගභාගයේදී වයිකිං යානා මගින් අනාවරණය කළ දත්ත සහ පෘථිවිය වෙතට පතිතවූ අගහරු උල්කා පිළිබඳ කළ පර්යේෂණ ප‍්‍රතිඵල සමග ආසන්නව සමාන බව මෙමගින් හෙළිවී ඇත.
කෙසේවෙතත් වයිකිං යානය විසින් වායුගෝලීය සංයුතිය දෙවන සථානය හිමිකර දුන් නයිට‍්‍රජන් වායුව වෙනුවට කියුරියෝසිටි අනාවරණය කර ඇත්තේ නයිට‍්‍රජන් හා සමාන ප‍්‍රමාණයකින් ආගන් වායුවද අඩංගු බවයි.
මෙය සුවිශේෂී තොරතුරක් බව දක්වන නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ යානා ආයතනයේ පෝල් මහාෆි එසේවුවත් අ`ගහරු වායුගෝලය අභ්‍යවකාශය විසින් උරාගෙන ඇතැයි දැනට පිළිගන්නා මතය මේ හරහා අභියෝගයට ලක් නොවන බව පවසා තිබේ.
මේ අතර වසර ගණනාවකට පෙර පෘථිවි දුරේක්ෂයන් මගින් ග‍්‍රහයාගේ ස්ථාන 3කින් මෙතේන් වායුව අධික ප‍්‍රමාණවලින් නිකුත් වන බව නිරීක්ෂණය කර තිබුණද වත්මන් ප‍්‍රතිඵල මගින් එය තහවුරු වී නොමැත.
ෂාප් කන්ද වෙත ගමනේදී කියුරියෝසිටි මෙහෙයුම මේ පිළිබඳව සොයා බැලීමට නියමිත අතර යානයේ මෙවන් රෝවරය විසින් දිගින් දිගටම වායුගෝලය පිළිබඳ කරුණු විශ්ලේෂණය කරමින් අගහරු ග‍්‍රහයාගේ වායුගෝලයට සිදුවූ දේ සම්බන්ධ විද්‍යාත්මක සාධක රැුස් කරනු ඇති බව මෙහෙයුමේ ප‍්‍රධාන විද්‍යාඥ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ බෲස් ජාකොස්කි සඳහන් කර තිබේ.

අගහරු මත මිනිස් ජනාවාසයක්.. දැනටමත් අයදුම්පත් 10000 ක්

අගහරු මත මිනිස් ජනාවාසයක්.. දැනටමත් අයදුම්පත් 10000 ක්
ඔබ සිටින්නේ මේ ලෝකය එපා වෙලාද? ඔබට මෙලෙව හැරදා යන්න සිතෙනවාද? එහෙම නම් ඔබට විසදුමක් තිබේ.  ඒ අගහරු ලෝකය වෙත යාමය.
වර්ෂ 2023 දි එනම් තව අවුරුදු දහයකින් අගහරු මත ඉදි කිරීමට නියමිත ජනපදයේ ඔබට වාසය කිරීමට පුළුවන.
තවත් අවුරුදු නවයක් මේ ගමනට සූදානම් වීම් සදහා බලා සිටින්නට ඔබට සිදු වේ. එයට හේතුව අගහරු  ගමන ඇරඹෙන්නේ වර්ෂ 2022 දී වීමය.
මාස හතක් උඩු ගුවනේ චාරිකා කොට 2023 වසරේදී ඔබට අගහරු මත පය තැබීමට හැකිවනු ඇත්තේය.
එහෙත් එක කොන්දේසියකි. ඔබට ලැබෙන්නේ අගහරු  වෙත යාමට ටිකට් එකක් පමණි. ආපසු ඒමක් නැත. ඔබ එතැන් සිට හැමදා අගහරු  මත බිහිවන මිනිස් ජනපදයේ ජීවත් විය යුතුය. ඔබ අවසන් ගමන් යා යුත්තේද එහිය.
එහෙත් මෙලොව ජීවත්වීම එප වූ ඔබට එය කදිම අවස්ථාවක් නොවන්නේද?
මේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන කතාවක් නම් නොවේ. පසුගිය දිනවල බටහිර පුවත් වෙබ් අඩවි වල පළවූ ප‍්‍රවෘත්තියකි.
අගහරු  ග‍්‍රහයා වෙත යාමට ටිකට්ටුවක් දැන්මම අයැදුම් කරන්න (One-Way Ticket to Mars-Apply Now) මේ එවැනි සිරස් තලයකි.
විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් සිහි ගන්වන මේ ව්‍යාපෘතියට  උරදී සිටින්නේ ”මාර්ස් වන්” නැමැති  ඕලන්ද සමාගමකි. අන්තර්ජාලය හරහා පළවූ මෙම ව්‍යාපෘතියට  සහභාගී වී අගහරු  ජනපදයේ පදිංචි  වීමට කැමති යැයි කියමින් මේ වන විට ලොව පුරා රටවල් 100 කින් ඊමේල් පණිවිඩ 10000 ක් පමණ ලැබී ඇතැයි එම සමාගම පවසයි.
මෙහෙදී කාගේත් සිත තුල පැන නගින ප‍්‍රශ්නයක් තිබේ. ඒ තවමත් කිසිදු ජීවයකට හිතකර තත්ත්වයක් නැති අගහරුගේ කර්කශ පරිසරයේ මිනිස් කොලනියක් පිහිටුවන්නට 2023 වන විට හැකියාවක් ලැබේද යන්නයි. එහෙත් 2023 වන විට අගහරු  මත ජීවය පවත්වාගෙන යාමට හැකි උපකාරක පද්ධති (Life Supporting System) ගොඩනගන බව මාර්ස් වන් ව්‍යාපෘතිය  කියා සිටියි. ඔවුන් මේ බව නිවේදනය කළේ පසුගිය  සදුදා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
තව අවුරුදු දයහකින් වුවද අගහරු මත මිනිස් ජනපදයක් බිහනි කිරීම හිතළුවක් බවටත් තර්ක කරන්නෝ වෙති. එහෙත් දැන් විද්‍යාවත් තාක්ෂණයත් දියුණු වෙමින් පවතින හැටියට මෙවැන්නක් තව අවුරුදු දහයකින් සිදු නොවිය හැකි දෙයක් යැයි බැහැර කරන්නට බැරි බවද තවත් සමහරු කියති.
මේ වන විට අභ්‍යවකාශ ගමනාගමනයද පෞද්ගලිකරණය වී හමාරය. දැන් බොහෝ අභ්‍යවකාශ  තාක්ෂණ සමාගම් මේ තරගයට සහභාගී වී තිබෙන්නේ එබැවිනි. මාර්ස් වන් කියන්නේද වැනි එක් සමාගමකි.
ඔවුන් මේ ව්‍යාපෘතිය සදහා අරමුදල් රැස් කිරීමට සැලසුම් කරන්නේ  මාධ්‍ය හරහා ලැබෙන ප‍්‍රචාරයෙනි. ඔවුන් අගහරු  ජනපදය ඉදි කිරීමට නියමිත තාක්ෂණික සැලසුම් ගැන වැඩිදුර තොරතුරු හෙළි කර නැත. ඔවුන් කියා ඇත්තේ 2016 වසර වන විට අගහරු මත යානයක් ගොඩ බස්සන බවත් 2018 වන විට ජනපද රෝවරයක්  (Settlement Rover) ගොඩ බස්සවන  බවත්ය.  සමහර විට විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපට වල පෙන්නුම් කරන ආකාරයේ කෘත‍්‍රිමව සැකසූ ජීවයට හිතකර පරිසරයක් ඇති ජනාවාසයක් ඉදි කිරීමට ඔවුන් සැලසුම් කරනවා විය හැකිය. එය රොබෝ තාක්ෂණය අධාරයෙන් ඉදි කරන බව ඔවුහු කියති.
ඒ කෙසේ වෙතත් ඔවුන්ට ස්වසනය සදහා ඔක්සිජන් ටැංකි මෙන්ම කල්තබා ගත හැකි ආහාර ද්‍රව්‍යද පාවිච්චි කිරීමට සිදුවේ. රැගෙන යන ජලය හිග වුවහොත් ශරීරයෙන් බැහැර කරන මුත‍්‍රා ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමෙන් ජලය ලබාගැනීමටද සිදුවන ඇත. අසනීප වුවහොත් බෙහෙත් හේත් ද තමන්ටම කර ගැනීමට ඔවුන්ට සිදුවේ.
මේ සියල්ලම අතරේ හුදෙකලා ග‍්‍රහ ලෙවක තනිවූ මිනිස් කොලණියක ජීවත්වීමේ අසාමාන්‍ය මානසික ආතතිය දරා ගැනීමටද සිදුවන ඇත.
අගහරු  ජනපදයේ ජීවත් වීමට අයැදුම් කරන්නන්  තෝරා  ගැනීමේදී මේ වැනි ආතතීන් දරා ගැනීමේ ශක්තිය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මාර්ස් වන් ව්‍යාපෘතිය කියයි.
ඒ මොහොම වෙතත් තවමත් මෙය බොහෝ දෙනෙකුට සිහිනයක් පමණි. දැන් හැම දෙනාම බලා හිදින්නේ ඒ හීනය සැබෑ වේදැයි කියාය.

Thursday, October 17, 2013

ෆේස්බුක් වසංගතයක්… එය තහනම් කල හැකියි – ජනපති

රජයට අවශ්‍ය නම් ෆේස්බුක් තහනම් කල හැකි බවත් එයට ක‍්‍රම ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

"ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා. ඔය ෆේස් බුක් එකේ නොපෙනෙන අයට වඩා ගෙදර ඉන්න අය ගැන විශ්වාසය තබන්න. එක ගීතයක් තියෙනවා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියල. ආදරය තියෙන්නේ ගෙදර ෆෙස්බුක් එකේ නෙමෙයි.

ඉංග‍්‍රීසි භාෂාව දෙමළ භාෂාව ඉගෙන ගන්න  ඕනෑ. එහෙම වුණොත් තමයි රටට වැඩදායී අය බිහිවෙන්නේ.

මම විශ්වාස කරනවා බෞද්ධ බාලිකාවන් තමයි අනාගත ශක්තිය කියලා. නොනැවතී පෙරට යවු තමයි විදුහලේ තේමාව වන්නේ. ඒ නිසා පිටිපසට යන්නේ නැතිව ඉදිරියට යමු.

කොයි තරම් වැඩ තිබුණත් කෙනෙකුට ඉගෙනගන්න වෙලාව තියනවා. අනවශ්‍ය විදහට වෙලාව නැති කරන්නේ නැතිව එයින් අයින් වෙන්න."

ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාව මෙතනින්.

Tuesday, October 15, 2013

Dialog එකේන් free sms unlimited යවන්න


type "REG<space>chat" and send to 77100 from ur Dialog mobile.

type "REG<space>EChat" and send to 4499 from ur Etisalat mobile.


මෙය දෙදෙනෙකු අතර SMS යැවීමටත් වැඩි පිරිසක් අතර SMS යැවීමටත් භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇත.

මෙය පහත දක්වා ඇති පිරිස් වලට සෘජුවම ප්‍ර යෝජනයට ගත හැකිය

1. දෙදෙනෙකුට - උදාහරණයක් ලෙස ආදරය කරන යුගලයකට හෝ හොදම යහලුවන් දෙදෙනෙකුට
2. පවුලේ සැමට - පවුලේ සියලු දෙනා අතර මැසේජ් හුවමාරුවට
3. කුඩා කණ්ඩායම් වලට - ඕනෑම ආකාරයක කුඩා මිතුරු කණ්ඩායම් වලට
4. නව මිතුරන් හදුනා ගැනීමට අවශ්‍ය අයට - මෙහි ඇති පබ්ලික් චැට් රූම් වලට ඇතුළු වී නම මිතුරන් හඳුනා ගත හැකිය...

මේ සඳහා මුලින්ම ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වැය වන්නේ රුපියල් දෙකකි
ලියාපදිංචි වීමට REG CHAT ලෙස සඳහන් SMS එකක් 77100 අංකයට යැවිය යුතු වේ...
ඉන් පසු ඔබට චැට් රූම් එකක් සාදා ගත යුතුය ඒ සඳහා CHAT CR ObeRoomNameEka සඳහන් කර 77100 අංකයට යැවිය යුතු වේ...

ඉන් පසු ඔබට මැසේජ් යැවීමට අවශ්‍ය අනෙක් කෙනා හෝ පිරිස ඔබ සෑදූ චැට් රූම් එකට ඇතුළු කර ගත යුතුය
ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන් ලියාපදිංචි වී (REG CHAT) ඉන් පසු ඔබේ රූම් එකට ඇතුළු විය යුතුය
CHAT JR ObeRoomNameEka සඳහන් කර 77100 ට යැවීමෙන් ඔවුන් ඔබේ රූම් එකට ඇතුළු වනු ඇත
දැන් ඔබට චැට් රූම් එකේ අයට ඕනෑ තරම් මැසේජ් නොමිලේ යැවීමට හැකියාව ඇත .ඒ සඳහා කළ යුත්තේ CHAT Obe Message Eka සඳහන් කර 77100 ට යැවීමයි එවිට එම මැසේජ් එක ඔබේ රූම් එකට පැමිණ ඇති කෙනාට ලැබේ... මෙලෙස රූම් එකේ අනිත් කෙනාටත් ඔබට මැසේජ් එවිය හැකිය
සියල්ල නොමිලේ වේ.

මේ විසඳුම නිසා දිනකට විශාල මුදල් ප්‍රමාණයක් මැසේජ් යැවීමට භාවිතා කළ අයට මහගු අවස්ථාවකි. එමෙන්ම පවුලේ සමගිය වර්ධනය කර ගැනීමටත් ආදරය කරන අයට වැඩි වැඩියෙන් මැසේජ් කිරීමටත් එමෙන්ම අලුත් යහලුවන් සොයන අයට යහලුවන් සොයා ගැනීමටත් මහගු අවස්ථාවකි

උපදෙස් මාලාව
1. රෙජිස්ටර් වීමට REG CHAT ලෙස සඳහන් කර 77100 ට යවන්න
2. නම සෙට් කිරීමට CHAT SN YourName ලෙස සඳහන් කර 77100 ට යවන්න
3. චැට් රූම් එකක් සෑදීමට CHAT CR NewRoomName ලෙස සඳහන් කර 77100 ට යවන්න
4. චැට් රූම් එකකට ඇතුළු වීමට CHAT JR RoomName ලෙස සඳහන් කර 77100 ට යවන්න
5. චැට් එකෙන් ඉවත් වීමට CHAT OFF ලෙස සඳහන් කර 77100 ට යවන්න
6. නැවත චැට් එකට පැමිණීමට CHAT ON ලෙස සඳහන් කර 77100 ට යවන්න
7. යහලුවන්ට මැසේජ් යැවීමට CHAT YourMessage ලෙස සඳහන් කර 77100 ට යවන්න
8. උදව් ලබා ගැනීමට CHAT HELP ලෙස සඳහන් කර 77100 ට යවන්න


ඉපදුන දවසෙ හැටියට අනාවැකි



ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසිකඅසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.



මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුදලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි.සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදර”ය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතයපුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.

4 වන දා උපන් ඔබ,
හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය.ඍජු, අවංක අයෙකි. සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ සමත්ය. හැගීම් පාලනය කරගැනීමට ඔබසමත්ය. නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹේ. ඔබ දැඩි, මුරණ්ඩු අයකු ලෙස සැලකියහැකිය.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 5 වන දා නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය. අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හාසංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකීපරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසුය.

මාසයේ 6 වන දින උපන් ඔබ,
වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටමඅවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම්සහගතව හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

ඔබේ උපන් දිනය යෙදී ඇත්තේ 7 වන දා ද?
ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි.තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසිපිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනයකිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

ඔබ උපන්නේ මාසයේ 8වන දින නම්,
ඔබ ව්‍යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි. පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම දෙයක අගය තක්සේරුකිරීමට පෙළඹෙන ස්වභාවයක් ඇත. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් සාර්ථකත්වයට පත්විය හැකිය.කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ ඉතා සකසුරුවම් අයෙකි.සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන කාලය ප්‍රයෝජනවත් දෙයක් සදහා වැය කිරීමටඔබ පෙළඹේ. ද්‍රව්‍යමය අතින් ඉතා ඉහල දියුණු තත්වයකට පත්වීමට ඔබට හැකිය.

මාසයේ 9 වන දින උපත ලැබූ ඔබ,
පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති, සාධාරණ, නිර්ලෝභී අයෙකු නිසාපහසුවෙන් අනෙකුන් හා කටයුතු කල හැකිය. අන්‍යයන්ගේ අවශ්‍යතා හා අදහස් වලට සංවේදී අයකු වන ඔබ ඉතාකරුණාවන්තය.

ඕනෑම මාසයක 10 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක කර ගත හැකිය. ඔබසංවේදී අයෙකි. නමුත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. කිහිප අවස්ථාවකදීම ඔබට නායකත්වයට පත්වීමේ අවස්ථාවඇත.

11 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන නිසා ඔබ අන්‍යයන් සමගඉතා හොදින් වැඩ කටයුතු කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ ආධ්‍යාත්මික සිතුවිලි ඔබ සතුය. ඔබ පරීක්ෂාකාරී,සංවේදී, මනෝධීන අයකු ලෙසද හැදින්විය හැක. හොද මතකයක් ඔබ ඔබ සතු වන අතර ව්‍යාපාර වැඩකටයුතුසිදුකිරීමේදී විවිධ ගැටළු වලට මැදි විය හැක. ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය ඔබේදියුණුව සදහා යොදා ගත හැකිය.

මාසයේ 12 වන දින ඉපදුනු ඔබට,
මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන් මුලාවීමේ ප්‍රවනතාවක්ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම, කියවීම, හා ගායනය ආදීක්ෂේත්‍රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ. ඉතාතියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත් ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර ප්‍රශ්න පිළිබදව ආකූලතාඇති කර ගැනීමට පෙළඹේ. ප්‍රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ ප්‍රේම”ය, හිතෛෂි අයෙකි. නමුත්ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.

13 වන දින උපන් ඔබ,
විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි. එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට ලක්වේ. වගකීම්සහගතව කටයුතු කරන ඔබ විනීත අයෙකි. අවංකය. බොහෝ විට සන්සුන්ව තනිවී වැඩ කිරීමට යොමුවේ. ඔබ නිවැරදියයි සිතා සිදු කරන සමහර දේ නිසා සමහරුන් පීඩාවට පත්විය හැකිය. එය ඔබගේ දුර්වලතාවයකි.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 14 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි.ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන්දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වනඅතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවනනැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසු වේ.

ඔබ උපන්නේ 15 වන දින නම්,
නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකමපවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙනගැනීමට ඔබ යොමු වේ. කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ. නමුත්සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු චරිතයකි.

16 වන දින උපත ලැබූ ඔබ,
හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි, ස්ථීර, පහසුවෙන්නො‍නැමෙන ආකාරයේ හිතක් ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔබේ විවේකයෙන් බොහෝකාලයක් ඔබ වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන ඔබදැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය. මේ හේතුවෙන් ස්ථාවර සම්බන්ධතා පවත්වාගෙන යාම ඔබට අපහසුය. නමුත්බාහිර පුද්ගලයන් හට පෙනෙන්නේ ඔබ නිවසේදී හා සමාජයේ හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නෙකු ලෙසය.තාක්ෂණික අංශය, විද්‍යාත්මක විෂයයන්, ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප්‍රියකරන අංශයන් වේ. ඔබ ඉතාහැගීම්බර අයෙකි. නමුත් ඒ බව බාහිර පරිසරයට පෙන්වීමට ඔබ කටයුතු කරන්නේ නැත. මේ නිසා ආදරය ප්‍රකාශකිරීමේදී හෝ ආදරය ලැබීමේදී යම් යම් දුෂ්කරතාවලට පත්වීමට ඔබට සිදුවේ.

ඕනෑම මාසයක 17 වන දිනයේ උපන් ඔබ,
මූල්‍යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. 17 යනු ව්‍යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි. ඔබසාමාන්‍යයෙන් අවංක, ගුණගරුක අයෙකි. වාණිජමය ව්‍යාපාරවලදී සාර්ථකව වාසි ලැබීමට ‍මෙම දිනයේ උපන් අයටහැකියාව ඇත. අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම කලමනාකරුවෙකි. විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය.බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය. නමුත් අපරික්ෂාකාරී වීම නිසා ආදරකටයුතු සම්බන්ධයෙන්දුෂ්කරතා ඇති විය හැකිය.

මාසයේ 18 වන දින උපත ලැබූ ඔබ,
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත් සමහරුන්ගේ අවශ්‍යතාවයන් මත තනිව වැඩ කිරීමට පවා ඉදිරිපත් වේ.මානවවාදී, පරාර්ථකාමී අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන් දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබසාධාරණ, ත්‍යාගශීලී, කාරුණික සිතුවිලි වලින් යුක්තය. ඔබ ඔබගේ හැගීම් ප්‍රදර්ශනය කරන අයකු වූවත් සමහර විටඒවා සගවා තබා ගැනීමට පෙළඹේ.

ඔබ ඉපදුනේ මාසයේ 19 වන දින නම්,
ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත.සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙනඅයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථාවලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයටපත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.

20 වන දිනයේ උපන් ඔබ,
හැගීම්බර, සංවේදී අයෙකි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට සමත්වේ. පහසුවෙන්උණුවන හිතක් සහිත ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය කිරීම සදහා බලාපොරොත්තු වන්නේතමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි. සමහර විටෙක අධෛර්ය්‍යට පත් වීම හානොසන්සුන් වීම ඔබගේ දුර්වලතාවයකි. එවැනි අවස්ථාවල මානසිකව බිදවැටීම් වලට ලක් විය හැක. ජීවිතයේ කිහිපවිටකම මෙවැනි බිදවැටීම් දක්නට ලැබේ.

ඔබ 21 වන දින උපන්නේ නම්,
ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකිඅයකුද වේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී අයෙකි.ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම ප්‍රායෝගිකය. නමුත් බාහිරප්‍රශ්න නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදර”ය අයෙකි. නමුත් ඉතාසංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් සිදුවන බිදවැටීම් වලින් ජයගැනීමට ඔබ උත්සාහ කල යුතුය.

22 වන දින උපන් ඔබ,
ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි. භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ සමත්ය.කිරීමට අපහසු දීර්ඝකාලීන වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු අයෙකු ලෙස සැලකේ. ඔබ ඉතා හොදසංවිධායකයෙකි. චිත ඇදීම සදහාද රුචිකත්වයක් දක්වයි. ආරක්ෂාකාරී, බුද්ධිමත් අයකු වූවත් ඔබ ඉක්මනින් කලබලයටපත් වීමට ඉඩ ඇත.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 23 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි.ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන්දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වනඅතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවනනැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබබොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.

24 වන දා උපන් ඔබ,
වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැඛෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරීඅවස්ථාවලදී මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ. ඔබපරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර, සංවේදී අයෙකි.ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.

ඔබ උපන්නේ මාසයේ 25වන දින නම්,
තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී,සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතුවිශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගතචරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩචරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.

26 වන දින උපන් ඔබ,
ව්‍යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි. ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන් වැඩිදියුණු කරගැනීමට ඔබ සමත්ය. සංවිධානයථ කලමනාකරනය, පාලනය අතින් ඔබ ඉදිරියෙන් සිටියි. ඔබ මුදල් භාවිතයේදීකාර්යක්ෂම අයෙකි. ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි ප්‍රායෝගික මෙන්ම තාත්විකඒවාය. ද්‍රව්‍යමය අතින් තෘප්තියක් ලැබීමට ඔබ සමත්ය.

27වන දින උපන් ඔබ,
මානවවාදී, පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත්ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී,සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.

28 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණනිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.

ඔබ උපන්නේ 29වන දින නම්,
ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදීඅයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි. සමහර විටෙක අකාර්‍යක්ෂම අයෙකු දවේ.

ඔබ ඉපදුනේ 30 වැනිදා නම්,
ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු වන ඔබ ලේඛණය සදහාවිශේෂ දක්ෂතාවක් දක්වයි. නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබටසාර්ථක ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්‍යය ඇත. ශක්තිමත් අදහස් වලින් යුක්ත ඔබ නිතරම සාධාරණපැත්ත ගැනීමට යොමුවේ.

ඔබ උපන්නේ මාසයේ 31 වැනිදා ද?
හොද කලමනාකරන හා සංවිධානාත්මක හැකියාවක් ඔබ සතුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉහල දියුණුවක්ලැබිය හැකිය. දැඩි කැපවීමකින් වැඩ කරන ඔබ ඉවසීමට සමත් අයෙක් නිසා ඒ මගින් දියුණු වීමට අවස්ථාව ඇත.ප්‍රකෘතිමත් අයෙක් ලෙස සැලකුනද සමහර විටෙක දැඩි තීරණ ගන්නා, මුරණ්ඩු අයෙක් ලෙසද සැලකිය හැකිය. සමහරවිටෙක සංවේදීය. නමුත් තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන නමුත්සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන කරගැනීමට යොමුවේ. ප්‍රායෝගිකව සිතා යමක් සිදු කරන අයෙකි. සංචාරයටකැමති ඔබ තනිවී ජීවත්වීමට අකමැතිය. ඉක්මනින් විවාහයට යොමුවේ. වගකීම් දැරීමට හැකි අයෙක් වන නිසා දියුණුවටපත් විය හැකිය.

උපන් මාසයේ හැටියට අනාවැකි මෙතනින්