Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Thursday, October 24, 2013

අගහරු වායුගෝලයේ වැඩි ප‍්‍රමාණය කාබන්ඩයොක්සයිඞ්

අගහරු වායුගෝලයේ වැඩි ප‍්‍රමාණය කාබන්ඩයොක්සයිඞ්
අගහරු වෙත යවන ලද නාසා මාර්ස් කියුරියෝසිටි යානය මගින් එවන ලද අගහරු වායුගෝලය පිළිබඳ දත්ත මගින් එහි සංයුතියෙන් ඉහළ ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඞ් මගින් බව තහවුරු වී තිබේ.  දැනට අගහරු ග‍්‍රහයා වෙත යැවූ දියුණුතම යානය විසින් එවන ලද පර්යේෂණ දත්ත 70 දශකයේ අගභාගයේදී වයිකිං යානා මගින් අනාවරණය කළ දත්ත සහ පෘථිවිය වෙතට පතිතවූ අගහරු උල්කා පිළිබඳ කළ පර්යේෂණ ප‍්‍රතිඵල සමග ආසන්නව සමාන බව මෙමගින් හෙළිවී ඇත.
කෙසේවෙතත් වයිකිං යානය විසින් වායුගෝලීය සංයුතිය දෙවන සථානය හිමිකර දුන් නයිට‍්‍රජන් වායුව වෙනුවට කියුරියෝසිටි අනාවරණය කර ඇත්තේ නයිට‍්‍රජන් හා සමාන ප‍්‍රමාණයකින් ආගන් වායුවද අඩංගු බවයි.
මෙය සුවිශේෂී තොරතුරක් බව දක්වන නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ යානා ආයතනයේ පෝල් මහාෆි එසේවුවත් අ`ගහරු වායුගෝලය අභ්‍යවකාශය විසින් උරාගෙන ඇතැයි දැනට පිළිගන්නා මතය මේ හරහා අභියෝගයට ලක් නොවන බව පවසා තිබේ.
මේ අතර වසර ගණනාවකට පෙර පෘථිවි දුරේක්ෂයන් මගින් ග‍්‍රහයාගේ ස්ථාන 3කින් මෙතේන් වායුව අධික ප‍්‍රමාණවලින් නිකුත් වන බව නිරීක්ෂණය කර තිබුණද වත්මන් ප‍්‍රතිඵල මගින් එය තහවුරු වී නොමැත.
ෂාප් කන්ද වෙත ගමනේදී කියුරියෝසිටි මෙහෙයුම මේ පිළිබඳව සොයා බැලීමට නියමිත අතර යානයේ මෙවන් රෝවරය විසින් දිගින් දිගටම වායුගෝලය පිළිබඳ කරුණු විශ්ලේෂණය කරමින් අගහරු ග‍්‍රහයාගේ වායුගෝලයට සිදුවූ දේ සම්බන්ධ විද්‍යාත්මක සාධක රැුස් කරනු ඇති බව මෙහෙයුමේ ප‍්‍රධාන විද්‍යාඥ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ බෲස් ජාකොස්කි සඳහන් කර තිබේ.

අගහරු මත මිනිස් ජනාවාසයක්.. දැනටමත් අයදුම්පත් 10000 ක්

අගහරු මත මිනිස් ජනාවාසයක්.. දැනටමත් අයදුම්පත් 10000 ක්
ඔබ සිටින්නේ මේ ලෝකය එපා වෙලාද? ඔබට මෙලෙව හැරදා යන්න සිතෙනවාද? එහෙම නම් ඔබට විසදුමක් තිබේ.  ඒ අගහරු ලෝකය වෙත යාමය.
වර්ෂ 2023 දි එනම් තව අවුරුදු දහයකින් අගහරු මත ඉදි කිරීමට නියමිත ජනපදයේ ඔබට වාසය කිරීමට පුළුවන.
තවත් අවුරුදු නවයක් මේ ගමනට සූදානම් වීම් සදහා බලා සිටින්නට ඔබට සිදු වේ. එයට හේතුව අගහරු  ගමන ඇරඹෙන්නේ වර්ෂ 2022 දී වීමය.
මාස හතක් උඩු ගුවනේ චාරිකා කොට 2023 වසරේදී ඔබට අගහරු මත පය තැබීමට හැකිවනු ඇත්තේය.
එහෙත් එක කොන්දේසියකි. ඔබට ලැබෙන්නේ අගහරු  වෙත යාමට ටිකට් එකක් පමණි. ආපසු ඒමක් නැත. ඔබ එතැන් සිට හැමදා අගහරු  මත බිහිවන මිනිස් ජනපදයේ ජීවත් විය යුතුය. ඔබ අවසන් ගමන් යා යුත්තේද එහිය.
එහෙත් මෙලොව ජීවත්වීම එප වූ ඔබට එය කදිම අවස්ථාවක් නොවන්නේද?
මේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන කතාවක් නම් නොවේ. පසුගිය දිනවල බටහිර පුවත් වෙබ් අඩවි වල පළවූ ප‍්‍රවෘත්තියකි.
අගහරු  ග‍්‍රහයා වෙත යාමට ටිකට්ටුවක් දැන්මම අයැදුම් කරන්න (One-Way Ticket to Mars-Apply Now) මේ එවැනි සිරස් තලයකි.
විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් සිහි ගන්වන මේ ව්‍යාපෘතියට  උරදී සිටින්නේ ”මාර්ස් වන්” නැමැති  ඕලන්ද සමාගමකි. අන්තර්ජාලය හරහා පළවූ මෙම ව්‍යාපෘතියට  සහභාගී වී අගහරු  ජනපදයේ පදිංචි  වීමට කැමති යැයි කියමින් මේ වන විට ලොව පුරා රටවල් 100 කින් ඊමේල් පණිවිඩ 10000 ක් පමණ ලැබී ඇතැයි එම සමාගම පවසයි.
මෙහෙදී කාගේත් සිත තුල පැන නගින ප‍්‍රශ්නයක් තිබේ. ඒ තවමත් කිසිදු ජීවයකට හිතකර තත්ත්වයක් නැති අගහරුගේ කර්කශ පරිසරයේ මිනිස් කොලනියක් පිහිටුවන්නට 2023 වන විට හැකියාවක් ලැබේද යන්නයි. එහෙත් 2023 වන විට අගහරු  මත ජීවය පවත්වාගෙන යාමට හැකි උපකාරක පද්ධති (Life Supporting System) ගොඩනගන බව මාර්ස් වන් ව්‍යාපෘතිය  කියා සිටියි. ඔවුන් මේ බව නිවේදනය කළේ පසුගිය  සදුදා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
තව අවුරුදු දයහකින් වුවද අගහරු මත මිනිස් ජනපදයක් බිහනි කිරීම හිතළුවක් බවටත් තර්ක කරන්නෝ වෙති. එහෙත් දැන් විද්‍යාවත් තාක්ෂණයත් දියුණු වෙමින් පවතින හැටියට මෙවැන්නක් තව අවුරුදු දහයකින් සිදු නොවිය හැකි දෙයක් යැයි බැහැර කරන්නට බැරි බවද තවත් සමහරු කියති.
මේ වන විට අභ්‍යවකාශ ගමනාගමනයද පෞද්ගලිකරණය වී හමාරය. දැන් බොහෝ අභ්‍යවකාශ  තාක්ෂණ සමාගම් මේ තරගයට සහභාගී වී තිබෙන්නේ එබැවිනි. මාර්ස් වන් කියන්නේද වැනි එක් සමාගමකි.
ඔවුන් මේ ව්‍යාපෘතිය සදහා අරමුදල් රැස් කිරීමට සැලසුම් කරන්නේ  මාධ්‍ය හරහා ලැබෙන ප‍්‍රචාරයෙනි. ඔවුන් අගහරු  ජනපදය ඉදි කිරීමට නියමිත තාක්ෂණික සැලසුම් ගැන වැඩිදුර තොරතුරු හෙළි කර නැත. ඔවුන් කියා ඇත්තේ 2016 වසර වන විට අගහරු මත යානයක් ගොඩ බස්සන බවත් 2018 වන විට ජනපද රෝවරයක්  (Settlement Rover) ගොඩ බස්සවන  බවත්ය.  සමහර විට විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපට වල පෙන්නුම් කරන ආකාරයේ කෘත‍්‍රිමව සැකසූ ජීවයට හිතකර පරිසරයක් ඇති ජනාවාසයක් ඉදි කිරීමට ඔවුන් සැලසුම් කරනවා විය හැකිය. එය රොබෝ තාක්ෂණය අධාරයෙන් ඉදි කරන බව ඔවුහු කියති.
ඒ කෙසේ වෙතත් ඔවුන්ට ස්වසනය සදහා ඔක්සිජන් ටැංකි මෙන්ම කල්තබා ගත හැකි ආහාර ද්‍රව්‍යද පාවිච්චි කිරීමට සිදුවේ. රැගෙන යන ජලය හිග වුවහොත් ශරීරයෙන් බැහැර කරන මුත‍්‍රා ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමෙන් ජලය ලබාගැනීමටද සිදුවන ඇත. අසනීප වුවහොත් බෙහෙත් හේත් ද තමන්ටම කර ගැනීමට ඔවුන්ට සිදුවේ.
මේ සියල්ලම අතරේ හුදෙකලා ග‍්‍රහ ලෙවක තනිවූ මිනිස් කොලණියක ජීවත්වීමේ අසාමාන්‍ය මානසික ආතතිය දරා ගැනීමටද සිදුවන ඇත.
අගහරු  ජනපදයේ ජීවත් වීමට අයැදුම් කරන්නන්  තෝරා  ගැනීමේදී මේ වැනි ආතතීන් දරා ගැනීමේ ශක්තිය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මාර්ස් වන් ව්‍යාපෘතිය කියයි.
ඒ මොහොම වෙතත් තවමත් මෙය බොහෝ දෙනෙකුට සිහිනයක් පමණි. දැන් හැම දෙනාම බලා හිදින්නේ ඒ හීනය සැබෑ වේදැයි කියාය.