Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, August 31, 2012

හොස්ටලයේ රස කතා:ස්ටාර් අයියට පොල්ල තැබූ වගයි.




ආයුබෝං.ටික දවසකට පස්සෙ ආපහු පෝස්ට් එකක් ලියන්න හිතුනා.මේකත් හොස්ටල් එකේ කතාවක් තමා.එහෙනම් කතවට බහිමුකෝ.



මේක වුනේ අපි 8 වසරේ ඉන්නකොට.ඒ කාලෙ හොස්ටල් ප්‍රීෆෙක්ට්ස්ලා පොඩි අව්ලක්  දාගෙන හොස්ටලයෙන් අයින් වුනා.ඉතින් ඒ කාලෙ හොස්ටල් එක run කලේ ඒ කාලෙ 11 අයියලාලු.හරිය.අපේ හොස්ටලයේ නීති රීති  එහෙම ටිකක් තිබ්බා කියලා මම කලින් පෝස්ට් එකේදිත් කිව්වනේ.ඉතින් ඔන්න 11 අයියලා exam කරන කාලෙත් ළං උනාලු .11 අයියලාට පොඩි වගකීම් ටිකක් warden සර් පවරලා තිබ්බා.අපේ inspection ගන්න එක.අපි 9.15 වෙනකොට නිදා ගන්නවද dorm එකේ light off කරලද අපි නිදාගන්නෙ නතුව කතා කර කර ඉන්නවද වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි පවරලා තිබුනෙ.එයලට O/L ළඟ නිසා junior හොස්ටල් එකේ ලොකුම අය වෙන grade 9 අයට ඔය වගකීම් ටික 11 අයියලා පවරලා තිබ්බා.ඉතින් අපි සහ අපිට පහල grade වල අය grade 9 අයියලා බැලුවා.
…අපේ dorm එක තිබ්බෙ තුන්වෙනි තට්ටුවෙ එක පැත්ත්ක කාමර 5යි එකක 8 දෙනයි.ඒ කියන්නෙ එක කාමරේක double ඇඳන් 4යි(තට්ටු දෙකේ ඇඳන්)(උඩ පින්තූරෙ තියෙන්නෙ.මම හිටියෙ ඕකෙ උඩ ඇඳේ ).කාමර 5ක් තිබ්බාට ළමයි හිටියේ කාමර 4ක විතරයි.අන්තිම කාමරය අපේ indoor stadium එක විදිහට අපි modify කරගෙන තිබ්බෙ. මම පහළ පින්තූරයක් දාල තියෙනවා අපෙ dorm එකේ  සැකැස්ම.
…අපේ grade එකේ හිටියා වැද්දා කියලා පොරක්.පට්ට බුලට් එකක්.වැද්දා කිව්වෙ නිකන්ම නෙමෙයි ඒකා කරන්නෙම වැදි type වැඩ.ඒකයි එහෙම කිව්වෙ.අපිත් ඉතින් නිකන් ඉන්න එකේ අපි නිදි ද බලන්න එන අයියට වැඩක් දෙන්න හිතුවා.කොහොමත් එයාලයි අපියි එච්චර fit එකකින් නෙවෙයි හිටියෙ.ඉතින් හා හා පුරා කියල අපි වැඩෙට බැස්සා.ටික දෙනෙක්  plan කරාට වැඩේ ක්‍රියාවට නැංවුයේ වැද්දා. අපි මොකක්ද දන්නවද කරේ?අපේ එල්ලෙ ගහන කට්ටිය හිටියා ඉතින් එල්ලේ පිති වලින් අඩුවක් තිබුනෙ නෑ ඉතින් අපි එල්ලෙ පිත්තක් ඇදන් දෙකක ඉනිමගේ අතරින් දාල තිබ්බා.(පහළ ෆොටෝ එකේ පරිදි ).ලයිට් off  කරාම මොනාවත් පේන්නෙ නෑ.ඒක දාලා තිබ්බෙ අයියා කෙනෙක් ආවම පැටලිලා වැටෙන්න.ඒ පොල්ල තිබ්බෙ 4වෙනි කාමරේ පටන් ගන්න තැන.මගේ ඇදත් තිබුනෙ 4වෙනි කාමරේ.අපිට තමයි එළටම සීන් එක පේන්නෙ.ඉතින් සීන් එක බලා ගන්නත් එක්ක මම ඔලුවත් එලියට දාගෙන නිදාගෙන හිටියා.අපිට හෙන ආතල්.ඇයි ලොකු grade එකක අයිය කෙනෙක්ට වැඩක් දෙනව කියලා.
    
…ඔන්න එදා  9යේ ස්ටාර් කියලා අයියා කෙනෙක් රෑ 9.15 ට bell එක ගැහුවම අපි නිදිද බලන්න ආවලු.පපුව එහෙම ඉස්සරහට දාගෙන සිංහ ලීලාවෙන් අත් දෙකත් සාක්කුවට දාගෙන  පොර dorm එකේ corridor එක දිගේ එනවා.ඔන්න 1 පහු කරා.2ත් පහු කරා.3ත් පහු කරගෙන ඉදිරියටම ගමනේ ආවා.එක සැරේම දඩස් බිඩිස් කියලා සද්දයක් ආවා.අපිට හෙන සැට ඇයි  අපේ වැඩේ සාර්ථකයි නෙ.ස්ටාර් අයියට මල පැනලා හෝද ගන්නත් ලෑස්තියි.


…"කව්ද යකෝ පාර මැද පොලු දැම්ම අම්මගේ පුතා?"

කියාගෙන පොර නැගිට්ටා.


…"මේක කරපු එකා දන්ම ඇවිත් වැරද්ද පිලි ගන්නවා නැත්තම් grade එකටම සලකනවා"


…මොනා උනත් අපි අයියලාට බයයි.ඉතින් වැද්දා ඒ ක්ෂණයෙන් වැරද්ද භාර ගත්තා.ස්ටාර් අයියා වැද්දවත් එක්කගෙන එතනින් චුත උනා.ඒත් ආපහු වැද්දා ආවේ  කන අතේ තියාගෙන.වැද්දා ඊට පස්සෙ දවස් කීපයකුත් කන අතේ තියා ගෙන ආවා. 
……ඒ කාලෙ හැටියට අපිට ඕක මාර වීර ක්‍රියාවක්  
ඉතින් ඔහොමයි අපේ වීර ක්‍රියාව අවසන් උනේ. 




…හිතෙන දෙයක් comment කරලා යන්න.

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා