එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා.
ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා "ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ" කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.
එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?
මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි
01)නාම රැප කියන එක.
02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)
03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත. චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.
04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)
මෙ ගැන මෙතනින් කියවන්න
අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ මෙ නාම රැපයන්ගේ එකතුවටයි.
ලොකයේ උපත කෙසේ සිදුවිද?
ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන්
පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි.
0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා