හොඳ කතා ටිකක් මේ පාර පොස්ට් කරන්න හිතුවා. ඉතින් මේ හැම කතාවකින්ම අපේ ජීවිතයට මොකක් හරි එකතු කරගන්න දෙයක් තියනවා. ඒ දේ ඔයාලත් ලබා ගත්තොත් මගේ පරමාර්තය සාර්ථකයි. හොඳ නරක,අඩු පාඩු ඔය යටින් කොටලා යන්න..
1.ආදරය.....
ඔන්න ඉතින් එක දුප්පත් කොල්ලෙක් පෝසත් කෙල්ලෙක්ට හිතින් ආදරය කරනවා. ඉතින් දවසක් මෙයා මේක ඒ ගෑනු ළමයාගෙන් ඇහුවා. එතකොට මේ ගෑනු ළමයට තරහ ගිහින් මෙහෙම අර පිරිමි ළමයට බනින්න ගත්තා." තමුසෙට පිස්සු හැදීගෙන එනවද? තමුසේ මාසෙකට හොයන ගාන මට දවසකට වියදම් කරන්නත් මදි. ඉතින් කොහොමද මම තමුසෙත් එක්ක ජීවත් වෙන්නේ. ප්ලීස්. මට කරදර නොකර ගිහින් තමුන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්නවා."ඉතින් මේ පිරිමි ළමය මුකුත් කිව්වේ නෑ. නිශ්ශබ්දව හිටිය විතරයි.ඔන්න ඉතින්...