
කොහොමද කට්ටියට...? ඔක්කොමල හොදීන් කියල හිතනවා. අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද..? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම හහ්.. එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ. අද මේ මම කියන්න යන්නේ අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් (අකුරු හරි නේද) (මෙන්න තේරෙන්න දැම්මා Horoscope) තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Softwareවලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්....