Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Thursday, October 24, 2013

අගහරු වායුගෝලයේ වැඩි ප‍්‍රමාණය කාබන්ඩයොක්සයිඞ්

අගහරු වෙත යවන ලද නාසා මාර්ස් කියුරියෝසිටි යානය මගින් එවන ලද අගහරු වායුගෝලය පිළිබඳ දත්ත මගින් එහි සංයුතියෙන් ඉහළ ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඞ් මගින් බව තහවුරු වී තිබේ.  දැනට අගහරු ග‍්‍රහයා වෙත යැවූ දියුණුතම යානය විසින් එවන ලද පර්යේෂණ දත්ත 70 දශකයේ අගභාගයේදී වයිකිං යානා මගින් අනාවරණය කළ දත්ත සහ පෘථිවිය වෙතට පතිතවූ අගහරු උල්කා පිළිබඳ කළ පර්යේෂණ ප‍්‍රතිඵල සමග ආසන්නව සමාන බව මෙමගින් හෙළිවී ඇත. කෙසේවෙතත් වයිකිං යානය විසින් වායුගෝලීය සංයුතිය දෙවන සථානය හිමිකර දුන් නයිට‍්‍රජන් වායුව වෙනුවට කියුරියෝසිටි අනාවරණය කර ඇත්තේ නයිට‍්‍රජන් හා සමාන ප‍්‍රමාණයකින් ආගන් වායුවද අඩංගු බවයි. මෙය සුවිශේෂී තොරතුරක් බව දක්වන නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ...

අගහරු මත මිනිස් ජනාවාසයක්.. දැනටමත් අයදුම්පත් 10000 ක්

ඔබ සිටින්නේ මේ ලෝකය එපා වෙලාද? ඔබට මෙලෙව හැරදා යන්න සිතෙනවාද? එහෙම නම් ඔබට විසදුමක් තිබේ.  ඒ අගහරු ලෝකය වෙත යාමය.වර්ෂ 2023 දි එනම් තව අවුරුදු දහයකින් අගහරු මත ඉදි කිරීමට නියමිත ජනපදයේ ඔබට වාසය කිරීමට පුළුවන.තවත් අවුරුදු නවයක් මේ ගමනට සූදානම් වීම් සදහා බලා සිටින්නට ඔබට සිදු වේ. එයට හේතුව අගහරු  ගමන ඇරඹෙන්නේ වර්ෂ 2022 දී වීමය.මාස හතක් උඩු ගුවනේ චාරිකා කොට 2023 වසරේදී ඔබට අගහරු මත පය තැබීමට හැකිවනු ඇත්තේය.එහෙත් එක කොන්දේසියකි. ඔබට ලැබෙන්නේ අගහරු  වෙත යාමට ටිකට් එකක් පමණි. ආපසු ඒමක් නැත. ඔබ එතැන් සිට හැමදා අගහරු  මත බිහිවන මිනිස් ජනපදයේ ජීවත් විය යුතුය. ඔබ අවසන් ගමන් යා යුත්තේද එහිය.එහෙත් මෙලොව ජීවත්වීම එප වූ ඔබට එය කදිම අවස්ථාවක්...