Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable වීම, ගොඩක් මෘදුකාංග සමඟ හොඳින් ක්‍රියාකිරීම වගේ ඒවා. Windows 2000, me වගෙ ඒතරම් සාර්ථක නොවුණ OS වලින් පස්සෙ කැපී පෙනෙන වෙනස්කම් සහිතව එළියට ආවේ Windows XP තමයි. ගොඩක් දෙනාට ඒකේ User interface එක එහෙම හොඳට හිතට අල්ලලා ගියා. ගොඩක් දෙනා වගේම මමත් Windows XP වලට ගොඩක් ආස වුණා. ඒත් නොමිලේ ම හම්බවුණ Windows...