සිය සමාගම හඳුන්වා දී තිබෙන ජංගම දුරකතන මුදල් තාක්ෂණය ලාංකිකයින් මුදල් ගනුදෙනු කරන ආකාරය වෙනස් මගකට යොමු කරනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප්‍රධානී හාන්ස් විජේසූරිය කොළඹදී සඳහන් කළේය.
ජංගම දුරකතන ගෙවීම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මහ බැංකුව විසින් අවසර ලබාදෙන මෙරට ක්‍රියාත්මක පළමු දුරකතන සමාගම ඩයලොග් වන අතර මෙය ලංකාවේ ජංගම දුරකතන මුදල් යුගයක ඇරඹුම වේ.
මෙම සේවාව යටතේ දිවයින පුරා පිහිටි ශාඛා 10,000 කට ආසන්න ප්‍රමාණයකදී ගනුදෙනු කරුවන්ට මුදල් තැන්පත් කළ හැකි අතර මෙහිදී ගනුදෙනු කරුවාගේ eZ Cash නමින් හඳුන්වන ගිණුමට මුදල් බැරවේ.
අවශ්‍ය වූ විට අදාළ ශාඛා වලින් දිනකට රුපියල් 10,000 ක් දක්වා මුදල් ආපසු ගැනීම කළහැකි අතර ලියාපදිංචි සෑම ඩයලොග් ගනුදෙනු කරුවෙකුටම රුපියල් 10,000 කින් මෙවැනි ගිණුමක් ආරම්භ කළ හැකිබව සමාගම කියයි.
මේ සඳහා ලියාපදිංචි ගාස්තුවක් අය නොකරන බවත් 25,000 ක තැන්පතුවක් සහිත ගිණුමකට අමතර සහතික කිරීමක් අවශ්‍ය බවත් සමාගම සඳහන් කරයි.
මෙම සේවාව මගින් විදුලි, ජල වැනි සේවා බිල්පත් ගෙවීම, අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම කළ හැකියැයි ඩයලොග් ආසිආටා සමාගමේ ඊ- වාණිජ්‍යය අංශයේ ප්‍රධානී ෆාරික් කාදර් කීය.
මෙම මුදල් තවත් එවැනිම තැන්පතු කරුවෙකුට මාරු කිරීමටද මෙම සේවාව මගින් හැකිය.
මෙම සේවාවේ මුදල් භාරකාර බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව කටයුතු කරන අතර ඩයලොග් සමාගම මුදල් තැන්පත් කරන්නේ මෙම බැංකුවේයි.
මෙම සේවාව මගින් සිදුකරන සෑම ගනුදෙනුවක්ම පුද්ගලික හඳුනා ගැනීමේ අංකයක් (PIN) මගින් ආරක්ෂා කර ඇතැයි කාදර් මහතා පැවසූ අතර අදාළ අංකය නොමැතිව නැතිවූ දුරකතනයකින් මෙම සේවාවට පිවිසිය නොහැකි බව සඳහන් කළේය.
0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා